
නව මාධ්‍ය ප්‍රවණතා මිනිසා සහ තාක්ෂණය අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. මානවයා තුළ පවතින තොරතුරු දැන ගැනීමේ කුතුහලය එම සමීපතාවය ඇති කරවමින් ලොව නව සන්නිවේදන හා අනෙකුත් තාක්ෂණික භාවිතයන් නිපදවීමට පොළඹවනු ලබයි. ඉතා සරල තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතයේ සිට නූතන සංකීර්ණ තාක්ෂණික ශිල්පීය ක්‍රම දක්වා මානවයා සිය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නව සන්නිවේදන තාක්ෂණික ක්‍රමෝපායන් සකස් කර ඇති බව නුතන සන්නිවේදන තාක්ෂණය විමසීමේදී පෙනී යන්නකි. ඒ අනුව තාක්ෂණික ඥාණය පෙරදැරි කරගත් නූතන මාධ්‍යය භාවිතයන් නව මාධ්‍යයන් ලෙස හඳුනාගත හැකිය. මානවයාගේ සන්නිවේදන අවශ්‍යතාවයන් ක්ෂණිකව ඉටු කර ගැනීම සඳහා වඩාත් සුදුසුම මාධ්‍ය නව මාධ්‍ය බවට වර්තමානය වන විට පත්ව ඇති බව හඳුනාගත හැකිය. අන්තර්ජාලය , ජංගම දුරකථනය , සමාජ මාධ්‍ය , හා බ්ලොග් අවකාශ යනාදිය නව මාධ්‍ය යන්නට අයත් වේ. එම මාධ්‍යයන් හි වර්තමාන නැගීම ප්‍රවණතා ලෙස හඳුනාගත හැකිය. ලොව සිදුවූ තාක්ෂණික විපර්යාස අතර නව මාධ්‍ය බිහිවීම තරම් සුවිශේෂී වූ වැදගත් සිදුවීමක් සොයා ගැනීම දුෂ්කරය. නව මාධ්‍ය යන්න වර්තමානයේ ජනයාගේ සිත් ආකර්ෂණයට ලක් වූවක් බව කිව යුතු නො...