නව මාධ්‍ය ප්‍රවණතා
මිනිසා සහ තාක්ෂණය අතර ඇත්තේ ඉතා සමීප
සම්බන්ධතාවයකි. මානවයා තුළ පවතින තොරතුරු දැන ගැනීමේ කුතුහලය එම සමීපතාවය ඇති
කරවමින් ලොව නව සන්නිවේදන හා අනෙකුත් තාක්ෂණික භාවිතයන් නිපදවීමට පොළඹවනු ලබයි.
ඉතා සරල තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතයේ සිට නූතන සංකීර්ණ තාක්ෂණික ශිල්පීය ක්‍රම
දක්වා මානවයා සිය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නව සන්නිවේදන තාක්ෂණික ක්‍රමෝපායන්
සකස් කර ඇති බව නුතන සන්නිවේදන තාක්ෂණය විමසීමේදී
පෙනී යන්නකි. ඒ අනුව තාක්ෂණික ඥාණය පෙරදැරි කරගත් නූතන මාධ්‍යය භාවිතයන් නව
මාධ්‍යයන් ලෙස හඳුනාගත හැකිය. මානවයාගේ සන්නිවේදන අවශ්‍යතාවයන් ක්ෂණිකව ඉටු කර
ගැනීම සඳහා වඩාත් සුදුසුම මාධ්‍ය නව මාධ්‍ය බවට වර්තමානය වන විට පත්ව ඇති බව
හඳුනාගත හැකිය. අන්තර්ජාලය, ජංගම දුරකථනය, සමාජ මාධ්‍ය, හා බ්ලොග් අවකාශ යනාදිය නව මාධ්‍ය යන්නට අයත් වේ. එම මාධ්‍යයන් හි වර්තමාන නැගීම ප්‍රවණතා ලෙස හඳුනාගත හැකිය. ලොව සිදුවූ තාක්ෂණික විපර්යාස අතර නව
මාධ්‍ය බිහිවීම තරම් සුවිශේෂී වූ වැදගත් සිදුවීමක් සොයා ගැනීම දුෂ්කරය. නව මාධ්‍ය යන්න වර්තමානයේ ජනයාගේ සිත් ආකර්ෂණයට
ලක් වූවක් බව කිව යුතු නොවේ. නව මාධ්‍ය ප්‍රවණතා කෙරෙහි පහත මාතෘකා ඔස්සේ අවධානය
යොමු කළ හැකිය.
- පරිගණකය සහ අන්තර්ජාලය
- නව මාධ්‍ය, සමාජය හා සමාජ මාධ්‍ය
- නව මාධ්‍ය භාෂාව
- බහු මාධ්‍යකරණය
- දුරකතන සන්නිවේදනය
1. පරිගණකය සහ අන්තර්ජාලය
ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ සන්ධර්භය
තුළ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය (Online
Journalism) භාවිතය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට
ලැබේ. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට
පත්ව තිබේ. නව මාධ්‍ය බිහිවීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී එය බිහිවීමේ මූලික පදනම
පරිගණකයේ ආරම්භය දක්වා ඉතිහාසය වෙත දිව යයි.
1617 ජෝන් නේපියර් ලඝුගණක චක්‍රය යොදා
ගනිමින් නිපදවන ලද උපකරණය ද, 1621 දී විලියම් ඔට්රිච් නිපදවන ලද
සර්පණ කෝදුව නිපදවීම ද යන මුල් අවස්ථාවෙන් ආරම්භව අනතුරුව 1830 දී චාල්ස් බැබේජ්
විසින් පරිගණකහි මූලික විධිමත් යන්ත්‍රය සකස් කීරීමෙන් අනතුරුව විවිධ ප්‍රතිසංස්කරණයන්ට
ලක් වෙමින් නූතන තාක්ෂණය දක්වා දියුණුවට පත්ව ඇත.
එසේ නිර්මාණය වූ පරිගණකයෙහි සුවිශේෂී අංගයක් වශයෙන් අන්තර්ජාලය හඳුනාගත
හැකිය. අන්තර්ජාලය යනු පරිගණක ජාලයන් අතර ජාලයකි. අන්තර්ජාලය දහස් ගණනක් වූ ජාලයන්
සමඟ එක් වී රටවල් සිය ගණනක බිලියන ගණන් වූ ජනතාව එම ජාලයේ සැරිසරනු ලබන විශාල දත්ත
ගබඩාවකි. මෙම අන්තර්ජාල සේවාව හරහා බිහිවූ දැවැන්ත හා තාක්ෂණික ප්‍රතිඵලය නව මාධ්‍ය
යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
2. නව මාධ්‍ය, සමාජය හා සමාජ මාධ්‍ය
නව මාධ්‍ය ප්‍රවණතාව සාකච්ජා කිරීමේදී
සමාජය යන්න ද නොසලකා හැරිය නොහැකි අංගයක් වේ. පසුගිය දශකය තුළ සමාජ මාධ්‍යවල
වර්ධනය පුපුරන සුලු ය. වෙනස්වන භූ දර්ශනයක් සමඟ, නව සමාජ මාධ්‍ය ප්‍රවණතා සෑම විටම ඉහළ යමින් පවතී. මෙහිදී විශේෂයෙන්
සංස්කෘතික මිනිසා යටපත් වී සංස්කෘතිකත්වය අතික්‍රමණය කළ නව මානව ජීවියෙකු බිහි
කිරීමට නව මාධ්‍ය හෙවත් ශාස්ත්‍රාලීය වශයෙන් හඳුන්වන මාර්ගගත ජනමාධ්‍යවේදය ඉවහල්
වී තිබේ. මිනිසුන් සමඟ සම්බන්ධ වීම වෙන කවරදාටත් වඩා පහසු සහ පෞද්ගලික වී තිබේ.
අතිශය සංකීර්ණ හා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් වූ සාම්ප්‍රදායික සන්නිවේදනයේ සුලභ
මාධ්‍ය භාවිතය වන ගුවන්විදුලය හා රූපවාහිනිය වෙනුවට සරළ තාක්ෂණයත් සුගම භාවිතයත්
අවම පිරිවැයත් නව මාධ්‍ය ග්‍රාහක ප්‍රජාව අතර ප්‍රචලිත වීමේ මූලික සාදක ලෙස
අනාවරණය වී තිබේ. එමෙන්ම ඒ කෙරෙහි ව්‍යාපාරයන්ගේ අවධානයට ලක්වීමට පටන් ගෙන
තිබේ. මන්ද අද්‍යතන පරම්පරාව නියෝජනය
කරන්නන් ඉතා කුඩා වයසේ සිට මෙම නව මාධ්‍ය භාවිත කරනු දක්නට ලැබිය හැකි නිසාවෙනි.
වර්තමාන පරපුර අතර ප්‍රචලිත නව මාධ්‍ය මෙවලම් පහත පරිදි වේ.
• සමාජ මාධ්‍ය
පසුගිය දශකය තුළ සමාජ මාධ්‍යවල වර්ධනය
පුපුරන සුලු ය. මක් නිසද යත් සමාජ මාධ්‍ය මිනිසුන්ගේ ජීවිතයේ හා දෛනික චර්යාවන්හි
අනිවාර්ය අංගයක් වී තිබේ. සමහරු එයට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යත්, ඔවුන් අවදි වීමෙන් පසු කරන පළමු දෙය නම්
ඔවුන්ගේ සමාජ මාධ්‍ය සංග්‍රහ පරීක්ෂා කිරීමයි. පාරිභෝගිකයින්ගේ ජීවිත තුළ සමාජ
මාධ්‍යවල ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අලෙවිකරුවන් සහ ව්‍යාපාර ඔවුන්ගේ ඉලක්කගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ
වීමේ අපේක්ෂාවෙන් සමාජ වේදිකාවලට පැමිණෙති. එලෙස නූතන මානවයා අතර භාවිතයට පැමිණ
ඇති සමාජ මාධ්‍ය කිහිපයකි.
- You tube
- Whats app
- Viber
- Massenger
- Tik tok
වශයෙනි. ඒ අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්
විශාලතම හා ජනප්‍රිය වේදිකා ලෙස සමාජ මාධ්‍යවල දිගු කලක් ආධිපත්‍යය දැරීය. කෙසේ
වෙතත්, මෑත වසරවලදී, තවත් සුවිශේෂී සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් මතුවී ඇතිවා පමණක් නොව,
සැලකිය යුතු ලෙස ඒවායෙහි කීර්තිය ඉහළ ගොස්
තිබේ. නිදසුනක් ලෙස, ටික්ටොක් යනු 2016 දී ආරම්භ වූ එක්
වේදිකාවක් වන අතර එය තරුණයින් අතර ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්විය. පරිශීලකයින්
ගණන හෝ ලියාපදිංචි ගිණුම් අනුව වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් පහත
පරිදි වේ.
- රූප මූලාශ්‍රය: සංඛ්‍යාන
සමාජ භාවිතයේ යහපත් පැතිකඩ බොහෝමයක් හඳුනාගත හැකිය. නිදසුන් වශයෙන් දැනුම ලබා දෙනු ලබන මාධ්‍යයක් වීම, තොරතුරු ඉක්මණින් ලබා ගත හැකි වීම,අන්තර් ක්‍රියාකාරී වීඩියෝ ක්‍රම භාවිතය, බහු මාධ්‍යය ඉදිරිපත් කිරීම, විද්‍යුත් සාකච්ඡා ක්‍රම ආදිය හදුනාගත හැකිය. කෙසේ වුවද මෙහි අයහපත් පැතිකඩක් ද පවතින අතර එම අයහපත් භාවිතය නිසාවෙන් ජීවිතවලින් පවා වන්දි ගෙවූවන් අද සමාජයෙහි දක්නට ලැබේ. ඒ අනුව මෙහි අයහපත් පැතිකඩයන් වශයෙන්, මංකොල්ලකෑම්, පවුල් ජීවිත බිඳ වැටීම සඳහා බලපෑම් සිදුකිරීම, අන්තර්ජාලය හා සම්බන්ධ ලිංගික ක්‍රියා (Cyber Sex) බහුලවීම, අසභ්‍ය තොරතුරු, ප්‍රචණ්ඩ තොරතුරු සහ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම, අන්තර්ජාල හා සම්බන්ධ ආදරවන්තභාවය (Online Romance) ඇතිවීම ආදිය හඳුනාගත හැකි අතර වර්තමානයේ මෙම ප්‍රේම සබඳතා නිසාවෙන් විනාශයට පත්වන ජීවිත විශාල සංඛ්‍යාවකි.
• බ්ලොග් අවකාශය
බ්ලොග් අඩවියක් පාහේ වෙබ් අඩවියකට
අනුරූප වන නමුත් එය වෙබ් අඩවියක් නොවේ. එහි ප්‍රධාන වෙනස වන්නේ බ්ලොග් අඩවි හුදු
වාණිජමය පරමාර්ථයෙන් ක්‍රියාත්මක නොවීමයි. එමඟින් වර්තමාන තොරතුරු ප්‍රකාශයට පත්
කරනු ලබන අතර එමෙන්ම ආයතනයක් නම් තම සමාගම හා එහි සේවාවන් හෝ නිෂ්පාදන ඉදිරිපත්
කිරීම සිදුකරනු ලබයි. බ්ලොග් අඩවිය අත්‍යවශ්‍යයෙන්ම තනි පුද්ගලයෙකි: අන්තර්ගත ප්‍රකාශනයට
සාපේක්ෂව එක් එක් පරිශීලකයා සමාන පදනමක් මත තබා ඇති සංසද මෙන් නොව, බ්ලොග් අඩවිය පරිශීලකයෙකුට (කතුවරයා, බ්ලොගර් හෝ බ්ලොගර් ලෙසද හැඳින්වේ) තම අදහස්
ලොවට ඉදිරිපත් කිරීමට ඉඩ දෙයි. . කෙසේ වෙතත්, සමහර විට කතුවරුන් කිහිප දෙනෙක් එකම තේමාව පිළිබඳ ලිපි පොදු බ්ලොග්
අඩවියක පළ කිරීමට එක් වෙති.
3. නව මාධ්‍ය භාෂාව
මානව පරිණාමීය ක‍්‍රියාවලියේ සිට ම
සන්නිවේදනය සඳහා උපස්ථම්භක වූ ප‍්‍රධානතම මාධ්‍යය වූයේ භාෂාවයි. ප‍්‍රාථමික
සන්නිවේදන ක‍්‍රම ආශ‍්‍රයෙන් සිදුකළ සන්නිවේදනයේ සිට නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කිරීමේ තෙක්
පැමිණි ඓතිහාසික සන්නිවේදන පරිණාමීය ක‍්‍රියාවලියේ දී ‘භාෂාව’ ගතික ප‍්‍රපංචයක් විය. මාධ්‍යකෘත
පරිසරය තුළ භූගෝලීය සීමා අතික‍්‍රමණය කරමින් භාෂාව ප‍්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින්
පවතී. අන්තර්ජාල මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය සඳහා එයට ම අනන්‍ය වූ උප භාෂා
නිර්මාණය වෙමින් තිබේ. සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රියාවලියේ පැවති සීමා මායිම්
අබිබවමින් නව්‍ය භාෂාත්මක සන්නිවේදන අත්දැකීමක් අන්තර්ජාල පරිශීලකයන්ට සමීප කරවයි.
ඒ අනුව,
- විද්‍යුත් ලිපි යැවීමේදී
- මිතුරු ජාල සේවාවන් තුළ දී
- සංවාද සේවාවන්හිදී
- වෙබ් පිටුවල කරන අදහස් දැක්වීම්වලදී
- පරිගණක ක‍්‍රීඩාවන්හිදී
- කෙටි පණිවිඩ යැවීම
යනාදී අවස්ථාවන්හිදී විවිධ භාෂාත්මක ප‍්‍රවර්ගයන්
භාවිත වේ.
තාක්ෂණිකමය අවකාශය තුළ පුද්ගලයන්ට
චාවික සන්නිවේදනයටත් වඩා ප‍්‍රබලව නිර්වාචික සන්නිවේදනය ඔස්සේ අදහස් ප‍්‍රකාශ
කිරීමේ නව මානයන් බිහි වී තිබේ. මෙමඟින් ස්වකීය සිතැගියාවන් අන්‍යයන් සමග කඩිනමින්
හුවමාරු කරගැනීමේ හැකියාව හිමි කර දී තිබේ. මෙම නිර්මාණාත්මක භාෂා භාවිතයන් ඔස්සේ
පරිශීලකයන්ට සන්නිවේදනය තවදුරටත් අසීරු සහ වෙහෙසකාරී කටයුත්තක් නොවේ.
4. බහු මාධ්‍යකරණය
නව මාධ්‍ය අද්‍යතනයේ සියලු මාධ්‍යයන්
අභිබවා යමින් ජනතා ආකර්ශනය ලබා ඇති බව පැහැදිලි වේ. එලෙස යන ගමනේ නව මාධ්‍ය
විසින් සියලු මාධ්‍යන්ට අයත් කාර්යයන්
සපුරාලනු දක්නට ලැබේ. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය ඇතුළු මාධ්‍යයන් පෝෂණය කිරීම නව මාධ්‍ය මඟින් සිඳු කරනු
ලබයි. ඒ අනුව නව මාධ්‍ය පුවත්පත සඳහා විද්‍යුත්
ලේඛනයක් හඳුන්වාදෙනු ලබයි. නව මාධ්‍ය විසින් වර්තමානයේ ඕනෑම ගුවන්විදුලි නාලිකාවක්
ශ්‍රවනය කිරීම සඳහා මෙන්ම ඕනෑම රූපවාහිනී නාලිකාවක් නැරඹීමට අවසථාව ලබා දී ඇති
බැවින් නියමිත රූපවාහිනී වැඩසටහන නැරඹීමට නොහැකි වූ අයෙකුට නව මාධ්‍ය ඔස්සේ එම
නාලිකාවට පිවිස එම අදාළ වැඩසටහන නැරඹීමේ අවකාශය හිමිවී ඇත. එනිසාවෙන් නව මාධ්‍ය
තුළින් බහුවිද මාධ්‍යකරණයක් දැකිය හැකි අතර එය ජනතාවගේ කාලය ඉතිරි කරමින් අවශ්‍යතාවන්
පහසුවෙන් ඉටු කර ගැනීම උදෙසා පහසුකම් සලසයි.
5. දුරකතන සන්නිවේදනය
ශක්තිමත්, විශ්වසනීය හා දීප ව්‍යාප්ත තොරතුරු සා සන්නිවේදන තාක්ෂණ යටිතලපහසුකම්
ව්‍යුහයක පැවැත්ම වර්තමානයේ රටක දියුණුවට වැදගත්ම අංගයක් වී තිබේ. එහිදී අපට හමුවන
සුවිශේෂී උපාංගය වන්නේ දුරකතනයයි. 1872 දී සැමුවෙල් මොස් එක් තැනක සිට තවත් තැනකට
පණිවිඩ රැගෙන යාමේ හැකියාව සහිත මොස් ක්‍රමවේදය සොයා ගැනීමෙන් ආරම්භ වූ මෙම
තාක්ෂණය 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකතනය නිර්මාණය කිරීම සහ බෙල්
දුරකතන සමාගම ආරම්භ කිරීමත් සමඟ විශාල වශයෙන් පරිවර්තනයන්ට ලක් වෙමින් අද පවතින
ස්මාර්ට් තාක්ෂණය තෙක් ගමන් කර තිබේ. වර්තමාන දුරකතන භාවිතය පහත පරිදි වේ.
මූලාශ්‍රය : https://www.statista.com/statistics/501125/number-of-mobile-cellular-subscriptions-in-sri-lanka/
අද්‍යතනයේ පුද්ගලයා හට නැතුවම බැරි
උපාංගයක් බවට පත්ව ඇති දුරකතනය වර්තමානයේ අතේ ගෙන යා හැකි සියලු තාක්ෂණයන්ගෙන්
අනූන වූවක් බවට පත්ව ඇත. ලොව විශාල පිරිසක් භාවිත කරනු ලබන දුරකතන තාක්ෂණය ජනප්‍රය
වී මෙහිලා ප්‍රධාන වශයෙන්, ඇනලොග් තාක්ෂණය වෙනුවට ජංගම දුරකතන
සඳහා GSM ඩිජිටල් තාක්ෂණය භාවිතයට පැමිණීමත් සමඟ
අඩු වියදමකින් ව්‍යාපාර කිරීමට සමාගම් වලට අවස්ථාව සැලසීම බලපාන්නට ඇත. එපමණක් නොව
ජංගම දුරකථනය 1G, 2G, 3G සහ 4G ආදී වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට නව අංග එකතු කර ගනිමින් පුද්ගලයාට
බොහෝ කාර්යයන් ඉටු කරගැනීම සඳහා උපකාරී වේ. දුරකතනයක් මඟින් සන්නිවේදන කිරීමේ දී
සිම්පතක් භාවිත කිරීම මඟින් එහිදී අන්තර්ජාල පහසුකම්, සන්නිවේදන පහසුකම් සඳහා ඉතා අඩු මුදලක් වැය වීම මෙන්ම භාවිතයේ පහසුව
යන හේතූන් නිසාවෙන් තාක්ෂණයත් සමඟ පෙරට ගමන් කරනු ලබයි. අද්‍යතනයේ නොයෙක් කාරණා
සඳහා වෙන් වෙන් වශයෙන් නිර්මාණය වූ ජංගම දුරකතන හඳුනාගත හැකිය. තරුණ තරුණියන් මේ
කෙරෙහි කෙතෙක් බැඳී ඇත්ද කිවහොත් ඔවුනට ජංගම දුරකතනය අහිමි වනවා යන්න සිය ආත්මයම
අහිමි වූ ලෙස ක්‍රියා කරන ආකාරය වර්තමානයේ සමාජය නිරීක්ෂණය කිරීමේදී පෙනීයන
කරුණකි. දුරකතනය වර්තමාන සමාජයේ නව මධ්‍ය අතර
සුවිශේෂී මෙවලමක් වන අතර එමඟින් සිදුවන අයහපත් ප්‍රතිඵලද නැතුවාම නොවේ. ඒ අතර ළමා
පරපුර අසභ්‍ය දර්ශන නැරඹීමට සහ අපචාරී ක්‍රියාවන්ට යොමු කරවීම ඉතා අභ්‍යාග්‍ය
සම්පන්න කරුණක් බවට පත්ව තිබේ. එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී නොදන්නා දුරකතන ඇමතුම්
නිසාවෙන් පවුල් ආරවුල් සහ මානසික පීඩාවන් ඇති කිරීම සඳහා දුරකතන හේතුවන අවස්ථා ද
වර්තමානයේ සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම විවිධ දූෂණ හා අපරාධ කටයුතු
සඳහා ද දුරකතනය යොදා ගැනීම නිසාවෙන් වර්තමානයේ ගැටලු රැසක් සමාජය තුළ නිර්මාණය වී
ඇත.
ඉහත කරුණු සාකච්ඡා කිරීමේදී පෙනී යනුයේ
නව තාක්ෂණය සමඟ පෙරට පැමිණි නව මාධ්‍ය එම තාක්ෂණික ක්‍රියා පටිපාටිය බිද දමමින්
පුද්ගල චින්තනයේ ගැඹුුරු පැති ස්පර්ෂයට ලක් කරමින් ගෝලීයකරණයෙහි සහය සහිතව මාර්ෂල්
මැක්ලූහන් සඳහන් කළ පරිද්දෙන්ම විශ්ව ගම්මානයක් නිර්මාණය කර පවතින බවයි. කෙසේ
නමුත් ඈත රටක පවතින තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් යම් යම් දෑ නිර්මාණයට පමණක්
නොව, තමන් කැමති විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය
හැදෑරීමට ද නව මාධ්‍ය ඔසසේ හැකියාව ලැබී ඇති මුත් නව මාධ්‍ය භාවිතයෙන් සිදු කෙරෙන
අපරාධ ද දේශ සීමා අභිබවමින් සිදු වන බව දැක ගත හැකිය. මේ අනුව නව මාධ්‍ය වර්තමානයේ
පුද්ගලයාට සිය සියලු කාර්යයන් සිදුකර ගැනීම සඳහා පහසු කරවන නව මාධ්‍ය අනෙක්
පසෙකින් පුද්ගලයාට ඔහුගේ විනාශය ද ලගා කළ හැකි සුවිශේෂී මාධ්‍ය ප්‍රභේදයක් බව
පැහැදිලි වේ.
good
ReplyDelete👍👍👍
ReplyDelete